ශ්රී ලංකාව 24 – 19 චීනය
දකුණු කොරියාවේ ඉංචියොන්හිදී මේ දිනවල පැවැත්වෙන 17 වැනි ආසියානු ක්රීඩා උලෙළේ ශ්රී ලංකා පිරිමි සත් සාමාජික රග්බි කණ්ඩායම සහභාගී වූ අර්ධ අවසන් පූර්ව වටයේ තෙවැනි තරගයෙන් චීනය පරාජය කර ලකුණු 24 – 19 ක තියුණු ජයක් ලබාගැනීමට මීට සුළු වේලාවකට පෙර සමත්විය.
ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු අර්ධය අවසන් වනවිට ලකුණු 14 – 12 ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්වූයේ චීන කණ්ඩායමයි. ආසියානු ක්රීඩා උලෙළ ඉතිහාසයේ ශ්රී ලංකා කණ්ඩායමක් මෙතෙක් රග්බි ක්රීඩාවෙන් පදක්කමක් ජයග්රහණය කර නොමැත.