ශ්රී ලංකා මැද පෙළ හා පසු පෙළ අසාර්ථකයි
සංචාරක ශ්රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට ඊයේ (11) නිමා වන විටදී සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටි එංගලන්තය කඩුළු 4 ක් දැවී ලකුණු 109 ක් ලබා සිටිය හ. නොදැවී කඩුල්ලේ රැඳී සිටි ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් ලකුණු 41 ක්ද ස්ටීවන් ෆින් ලකුණු 6 ක්ද රැස් කරගෙන සිටිය හ. නුවන් ප්රදීප් කඩුළු 3 ක් දවා ලීමට සමත් විය. ඒ අනුව එංගන්තය ශ්රී ලංකාවට වඩා මේ වන විට ලකුණු 237 ක් ඉදිරියෙන් සිටිති.
දිනය ආරම්භ කරනා විටදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 162 ක් ලබා සිටි ශ්රී ලංකා ඉනිමේ අනෙක් කඩුළු 9 ම ලකුණු 116 ක් තුළදී බිඳ හෙලීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් විය.
කෞෂාල් සිල්වා ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභීයා වෙමින් ලකුණු 79 ක් රැස් කලේය. ඊට අමතරව ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 50 ක් රැස් කලේය.
කළකට පසු නැවතත් ශ්රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවූ කුසල් ජනිත් පෙරේරා ලකුණු 42 ක් රැස් කිරීමට සමත් විය.
එංගලන්තය වෙනුවෙන් ස්ටීවන් ෆින් හා ක්රිස් වෝක්ස් කඩුළු 3 බැගින් බිඳ හෙලීය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 416 ක් රැස් කලේ ය.
හෙට තරගයේ සිව්වැනි දිනයයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

