ශ්රී ලංකා බොක්සිං සම්මේලනයේ ඉදිරි වසර4 ක කාළයක් වෙනුවෙන් නව සභාපතිවරයා ලෙස ඩයන් ගෝමස් මහත් ඊයේ (26) තේරී පත් විය. ඊයේ කොළඹ රාජකීය විදුහල් පිටියේදී පැවති මහාසභා රැස්වීමේදී ඒ මහතා නිතරගයෙන්ම මෙම තනතුරට පත් වූ අතර එහිදී තෝරා පත් කර ගන්නා ලද තවත් තනතුරු 6 කටද නිළධාරීන් තේරී පත් වූයේ නිතරගයෙන් වීම විශේෂත්වයකි.
ඩයන් ගෝමස් මහතා සම්මේලනයේ සභාපතිවරයා ලෙසින් වැඩ භාර ගන්නා දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2004-2008 කාළයේදීද ඔහු එම තනතුරේ ක්රියා කර ඇත.
මෙහිදී සම්මේලනයේ නව ලේකම්වරයා ලෙස ගුවන් හමුදාව නියෝජනය කළ ස්කොඩ්රන් ලීඩර් මොහොමඩ් සෆ්රාස් පත් විය.
සම්මේලනයේ ඉතිරි තනතුරු
උප සභාපති - මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්
උප සභාපති - ඕබ්රී පීරිස්
භාණ්ඩාගාරික - ස්කොඩ්රන් ලීඩර් ප්රසාද් විජේසිංහ
උප ලේකම් - කොමදෝරු සංජීව කත්රිආරච්චි
උප භාණ්ඩාගාරික - යොහාන් සමරජීව