ශ්‍රී ලංකා ප්‍රෙක්ෂකයාට නිවසට පැමිණීමට ගුවන් ටිකට් පතට මුදල් දුන් රෝහිත්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහාය දක්වන ප්‍රෙක්ෂකයන් අතරින් මෑත කාලීනව ගයාන් සේනානායක, පුබුදු හා මොහොමඩ් නීලාම් ඉදිරියෙන් සිටිති. ඔවුන් තිදෙනා මේ වන ක්‍රියාත්මක ඉන්දු - ශ්‍රී ලංකා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දැක්වීම සඳහා ඉන්දියාවට ගොස් සිටිති.
කෙසේ වෙතත් නව දිල්ලි නුවර පැවැති තෙවැනි ටෙස්ට් තරගය අතුර තුළදී නීලම්ගේ පියා අසනීප වී ඇත. ඔහු පිළිකා රෝගයකින් පීඩා විදිමින් සිටියි. ඒ අනුව නීලම්ට නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍යව ඇත. ඔහුට ඒ සඳහා ගුවන් ටිකට්පත වෙන්කර තිබුණේ දෙසැම්බර් 26 දාය.
ඒ හේතුවෙන් ඔහුට ගුවන් ටිකට්පත වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් නොතිබී ඇත. මේ පිළිබඳව දැනගත් ඉන්දීය ප්‍රේක්ෂකයෙක් වෙන සුධීර් ගෞතම් නීලම් මුහුණ දී ඇති ගැටලුව ගැන රෝහිත්ට දන්වා ඇත. ඒ හරහා නීලම්ට නැවතත් කොළඹට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට්පත වෙනුවෙන් අවැසි ඉන්දීය රුපියල් 20000ක මුදල් රෝහිත් පරිත්‍යාග කර ඇත.
එසේම නීලම්ගේ පියාගේ සෞඛ්‍ය වියදම් සඳහා උපකාර කිරීමටත් රෝහිත් ඉදිරිපත්ව ඇතැත් නීලම් එය ප්‍රතික්ෂේප කර තිබේ. නීලම් පසුගිය 05 දා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.මීට අමතරව ඉන්දීය නායක විරාත් කෝලිද නීලම්ගේ පියාගේ ශළ්‍යකර්මය සඳහා උපකාර කිරීමට ඉදිරිපත්ව ඇතැත් එය ද ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.
නීලම් (වමේ), ගයාන් (මැද), ගෞතම් (දකුණේ)
නීලම් හා රෝහිත්
http://www.mid-day.com ඇසුරෙනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





