එංගලන්තය සමගින් පැවත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියළු දෙනා දැවී ලකුණු 475 ක් රැස් කළහ.ශ්‍රී ලංකා දෙවැනි ඉනිම සාර්ථක ලකුණු සංඛ්‍යාවක් කරා යාමේ මූලික අඩිතාලම දැමූ උප නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 126 ක් රැස් කළ අතර ඔහුට අමතරව නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 80 ක් රැස් කලේය. ඉනිමේ අවසන් භාගයේදි ශ්‍රී ලංකා ඉනිම ශත්තිමත් කළ රංගන හේරත් ලකුණු 62 ක් රැස් කගේය.
මේ අනුව එංගලන්තයට සිය ජයග්‍රහණය සඳහා ලකුණු 79 ක් අවශ්‍ය වේ.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවර පහර දුන් එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 9 ක් දැවී ලකුණු 498 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකාවට පළමු ඉනිම වෙනුවෙන් සියළුම දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 101 ක් පමණි.