ශ්රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පෙරේදා (25දා) දඹුල්ලේ පැවැති තරගයට අදාළව ඉන්දියාවේදී ඔට්ටු තැබූ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ ගෝඩ්රා ප්රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර, මෙම ඕට්ටු දැමීමේ ස්ථානය ඉන්දීය ආණ්ඩු පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට අදාළ සභිකයෙකු විසින් පවත්වාගෙන ගොස් ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ. ඔහු ගෝඩ්රා නාගර්පාළිකාවේ සභිකයෙකු වන බවද වාර්තා වේ.
පොලිස් වැටලීමේදී ජංගම දුරකථන 19ක්, ලැප්ටොප් පරිගනක දෙකක්, රූපවාහානී යන්ත්ර දෙකක් ඇතුළු ඉන්දීය රුපියල් ලක්ෂ 4ට අධික භාණ්ඩ තොගයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔට්ටු දැමීමේ ස්ථානය පවත්වාගෙන ගිය බව පැවසෙන බී.ජේ.පී. සභිකයෙකු වන චීටන් සට්වානි පොලීසිය පැමිණීමට පෙරාතුව එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.