ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අලෙවි හා සන්නිවේදන අංශයේ ප්‍රධානී තනතුර සඳහා සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) සමන්ත දොඩන්වල මහතා පත්කර ඇතැයි 'අද' ට අනාවරණය වේ. දොඩන්වල මහතා ක්‍රිකට් විධායක කමිටු (Exco Member) සාමාජිකයෙකු ද වන අතර, ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් පසුව මෙම පත්වීම සිදුකර අතැයි හෙළි වේ.
මීට පෙර ක්‍රිකට් ආයතනයේ අලෙවි හා සන්නිවේදන අංශය භාරව කටයුතු කළ ප්‍රධානියා වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් උපලේකම් රවීන් වික්රමරත්නය.
කෙසේවෙතත් මෙම පත්වීම් සම්බන්ධයෙන් අප රවීන් වික්‍රමරත්න මහතාගෙන් විමසීමක් සිදු කළ අතර, එහිදී ඔහු පවසා සිටියේ පසුගිය කාලයේදී තමන් රෝගාතුරව සිටි බැවින් හා අධික වැඩ රාජකාරීවල යෙදීම හේතුවෙන් තමන්ගෙන් අතපසු වූ එම අංශ වල වැඩබැලීමට සමන්ත දොඩන්වල මහතා පත්කර ඇති බවයි.
මෙහිදී රවීන් වික්‍රමරත්න මහතා අලෙවි හා සන්නිවේදන අංශයේ ප්‍රධානී තනතුරෙන් ඉවත්කර නොමැති අතර, ඔහු වෙනුවට වැඩ බැලීම සඳහා සමන්ත දොඩන්වල මහතාව පත්කර ඇතැයිද සඳහන් වේ.
නව තනතුර පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් අලෙවි හා සන්නිවේදන ප්‍රධානී සමන්ත දොඩන්වල මහතා පවසා සිටියේ තමන්ට අවශ්‍ය ක්‍රිකට් හා මාධ්‍ය අතර සහයෝගීතාව පවත්වාගෙන යාමට බවත්, ඒ වෙනුවෙන් ඉදිරියේදී වැඩකරන බවත්ය.