සත්කාරක නවසීලන්ත කණ්ඩායම හමුවේ ඊයේ (07දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 188 ක දැවැන්ත පරාජයක් අත්විඳීමට ශ්රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ අනුව තරග පහකින් යුත් එක්දින තරගාවලිය තරග 3 – 0 ක් ලෙස තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී ජයගැනීමට නවසීලන්ත ක්රීඩිකාවෝ සමත් වූහ.
තරගාවලියේ පළමු තරග තුන අයි.සී.සී. ලෝක කාන්තා ක්රිකට් ශූරතාවලියට සමගාමීව පැවැති අතර, ඒ අනුව එම තරග තුනෙන් කිසිදු ප්රසාද ලකුණක් එක්කරගැනීමට ශ්රී ලංකා ක්රීඩිකාවන්ට නොහැකි විය.
ලිංකන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 326 ක් රැස්කිරීමට සමත්විය. රිචෙල් ප්රිස්ට් ලකුණු 157 ක් රැස්කරමින් ඉනිම ඔසවා තැබීය. අමා කාංචනා කඩුලු 02ක් බිඳහෙළමින් ශ්රී ලංකාව වෙනුවෙන් දක්ෂතා දැක්වීය.
ලකුණු 327ක ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා පිතිකාරිනියන්ට පන්දුවාර 41.5 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138 ක් පමණි.
නවසීලන්තය 326/5 (පන්දුවාර 50)
රිචෙල් ප්රිස්ට් 157 (146, 4x23), සුසී බැට්ස් 80 (77, 4x10), සාරා මැක්ග්ලාෂන් 39 (43, 4x3), සොපී දෙවිනේ 29 (19, 4x5), අමා කාංචනා 2/54 (09), ඉනෝකා රණවීර 1/53 (9)
ශ්රී ලංකාව 138/10 (පන්දුවාර 41.5)
අමා කාංචනා 28* (58, 4x4), ප්රසාදිනී වීරක්කොඩි 19 (34, 4x1), ඩිලානි මනෝදරා 18 (19, 4x2), එරින් බර්මින්හැම් 3/26 (7.5), ලියා තහුහු 2/36 (10)