ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම සඳහා අනුග්‍රාහකත්වය සැපයීමට SAGT (South Asia Gateway Terminal) පුද්ගලික සමාගම ඉදිරිපත් වී ඇත.
ඒ අනුව ඔවුන් කාන්තා රග්බි කණ්ඩායමේ එළඹෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලි ද්විත්වය සඳහා මූලික වශයෙන් සිය අනුග්‍රාහකත්වය පිරිනැමීමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමට මේ දක්වා කිසිදු අනුග්‍රාහකයෙකු නොමැති වූ අතර, මෙය ඔවුන්ට අනුග්‍රාහකයෙකු ලැබෙන පළමු අවස්ථාව වේ.
මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පෙරේදා (04දා) කොළඹ දී පැවැත්විණි.
මේ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙසින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගි වූ අතර, ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ හිටපු සභාපති අසංග සෙනෙවිරත්න හා ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් පත්වූ කැතරින් (කැට්) මර්චන්ට් මහත්මියද එස්.ඒ.ජී.ටී. නියෝජනය කරමින් එහි ප්‍රධාන වෙළෙඳ නිලධාරී ටෙඩ් මුත්තයියා යන මහත්වරු හා කාන්තා රග්බි කණ්ඩායම සහභාගි වූහ.
ඡායාරූප ඉසුරු පෙරේරා