ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ලේකම් ලෙස ගුවන් හමුදා කොමදෝරු රොෂාන් බියන්විල මහතා පත්කර තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (07දා) පැවැති විශේෂ මහා සභා රැස්වීමේදීය. ඔහු නිතරගෙයෙන් ලේකම්ධුරයට පත්වූ අතර හිටපු ලේකම් මොහාන්ද සිල්වා මහතා උප සභාපති හා දේශීය ක්‍රිකට් ප්‍රධානී තනතුරට පත්විය.
මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කර ඇති 2006/13 හා 2017/41 යන ගැසට් නිවේදනයට අදාළ රෙගුලාසි ක්‍රිකට් ව්‍යවස්ථාවට ඇතුළත් කර ගැනීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අනුමත පසුගිය 06දා ස්ථිර කළ තරගාවලි රෙගුලාසි, ක්‍රීඩා තත්ත්වයන් හා දේශීය ක්‍රිකට් තරගාවලි සැකස්ම ස්ථිර කර ගැනීමටත් කටයුතු කර ඇත.