ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන්ට ක්රීඩා විවේකාගාරය තුළ විස්කෝතු ආහාරයට ගැනීම තහනම් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතය කටයුතු කර තිබේ.
භෞත චිකිත්සක, අභ්යාසික පුහුණුකරු මෙන්ම තරග තුළදී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ආහාර ප්රධානි ලෙස කටයුතු කරන්නා එක්ව මෙම තීරණය ගෙන ඇති බව ශ්රී ලංකා ක්රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ විදෙස් පුවත් සේවා වෙත පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් ක්රීඩකයන් හා කළමනාකරුවා අතර ගැටුමක් වාර්තා වූ බවට තොරතුරු වාර්තා වුවත් එවැනි කිසිදෙයක් සිදු නොවුණ බවත් ඔහු පවසයි.