ශ්‍රී ලංකා ක්‍රිකට් මේ කුමන දිශාවකටද - සංගා
සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය පරාජය වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාර ට්විටර් පණිවිඩයකින් පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මේ කුමන දිශාවකට ගමන් කරන්නේදැයි යනුවෙනි.
ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජය පිළිබඳව තරමක් දිගු ට්විටර් පණිවිඩයක් සංගා යොමුකර ඇති අතර එහි අවසන් පණිවිඩයේ ලතින් භාෂාවෙන් ඔහු පවසන්නේ 'Quo Vadis Sri Lanka cricket?' 'Quo Vadis' යනුවෙන් පවසන ලතින් වචනයේ තේරුම වන්නේ 'ඔබ කොහේද යන්නේ' යන්නයි.
සිම්බාබ්වේ කණ්ඩායම ලැබූ ජයග්‍රහණය අගය කරන සංගා ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයෙන් පසුව ක්‍රිකට් ආයතනය, ක්‍රීඩකයන්, ප්‍රෙක්ෂකයන් මෙන්ම කණ්ඩායමේ නිලධාරින් ගේ හැගීම කෙසේදැයි දන්නා බවත් පවසයි.
කෙසේ වෙතත් ඉවසීම අවශ්‍ය බවත් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල සහායක් අවශ්‍ය බවත් ඔහු පවසයි. නිවරදි තීරණ ගෙන වර්ධනය විය යුතු බවත් දේශාපලනය වැනි වැදගත් නොමැති කරුණු පිළිබඳව අවධානය යොමු නොකරන ලෙසත් ඔහුගේ ට්විටර් පණිවිඩයේ දැක්වෙයි.
.png)
.png)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
