ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (06දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ පැවැති තරගයේදී ශ්රී ලංකාව සිය පන්දුවාර 50 නියමිත කාලය තුළදී යොමු නොකිරීම හේතුවෙන් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට දඩයක් පැනවීමට අයි.සී.සී.ය කටයුතු කර තිබේ.
තරගයේදී ශ්රී ලංකාව පන්දුවාරයක් මන්දගාමීව යොමුකර තිබේ. ඒ හේතුවෙන් කණ්ඩායමේ ක්රීඩකයන්ට 10%ක දඩයක් හා නායක ඇන්ජලෝ මැතිව්ස්ට තරග ගාස්තුවෙන් 20%ක දඩයක් පනවා ඇත.
එසේම ඇන්ජලෝ මැතිව්ස් නායකයෙකු ලෙස කටයුතු කරන තරගයකදි ශ්රී ලංකා කණ්ඩායම මාස 12ක් ඇතුළත මෙවැනි වරදකට නැවත වරක් හසුවුවහොත් මැතිව්ස්ට තරග තහනමක්ද පැනවෙනු ඇත.