ශ්රී ලංකා ක්රිකට් ගොඩනැගීමේ අරමුණින් ක්රීඩක දක්ෂතා වර්ධනය කිරීමේ කළමනාකරුවෙකු (High Performance Manager) පත්කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව එංගලන්ත ජාතික 43 හැවිරිදි සයිමන් විලිස් (Simon Willis) එම තනතුරට පත්කර ඇත.
ඔහුගේ සේවා කාලය වසර 02 ක සේවා ගිවිසුමක් වන අතර, ඔහු යටතේ ශ්රී ලංකා 'ඒ' කණ්ඩායම, ශ්රී ලංකා සංවර්ධන සංචිතය, 23 න් පහළ හා 19 න් පහළ සංචිත මින් ඉදිරියට ක්රියාත්මක වනු ඇත.
එසේම ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ගිවිසුම්ගත සියලු පුහුණුකරුවන් හා අදාළ සංචිතවල ජාතික පුහුණුකරුවන් ඔහුගේ අධීක්ෂණය යටතේ මින් ඉදිරියට කටයුතු කරනු ඇත.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය මෙම පත්වීම සිදුකර ඇත්තේ, ශ්රී ලංකා කණ්ඩායම එංගලන්තය හමුවේ පළමු ටෙස්ට් තරගය පරාජයට පත්වීමෙන් අනතුරුවයි.