ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක නිරතවනු ඇති බව පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානී ශර්යාර් ඛාන් සඳහන් කරයි.
ලාහෝරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසූ බව විදෙස් මාධ්‍ය අද (04දා) වාර්තා කළේය.
"ඔවුන් (ශ්‍රී ලංකා කණ්ඩායම) සැප්තැම්බර් මාසයේ පැමිණෙන්නේ නෑ. ඔවුන්ට සැප්තැම්බරයේ පැමිණේන්න පුළුවන් නම් එය යෝජනාවක් පමණයි. පාකිස්තානය ආරක්ෂිත බවට ඔවුන්ට දැනුන දාට ඔවුන් පාකිස්තානයට එයි." යැයි ඛාන් සඳහන් කරයි.