ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය තරගාවලියට පිටත්වෙයි
ඉන්දීය එක්දින තරගාවලියට යන කණ්ඩායම 100% ක සූදානමක නැතිවුවද ඉන්දීය කණ්ඩායමට හොඳ තරගයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේය. එසේම ඉන්දීය කණ්ඩායම විශාල අභියෝගයක් බවද හෙතෙම සඳහන් කළේය.
එළඹෙන 02 වැනිදා ආරම්භවීමට නියමිත ඉන්දු - ශ්‍රී ලංකා තරගාවලිය සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (28දා)ඉන්දියාව බලා පිටත්වීමට මත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ඉන්දීය තරගාවලියේදී කණ්ඩායමේ සැකැස්ම පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවද මැතිව්ස් ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු පැවැසුවේ හදිසියේ ලැබුණු ඉන්දීය සංචාර නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි සැලසුම් වෙනස් වූ බවයි. කෙසේ වෙතත් ඉන්දීය තරගාවලියේ දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථානයක් වෙන්කරගත හැකිවනු ඇති බවත් මාවන් පෙන්වාදුන්නේය.
ඉන්දීය තරගාවලිය කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත්වීමෙන් පසු ලැබෙන පළමු තරගාවලිය වුවද එහි ජයග්‍රහණය ගැන සිතමින් කණ්ඩායම මානසික පීඩාවට ලක්නොකරන බවත් හෙතෙම පැවැසීය.
ජායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

