ආසියානු රග්බි සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ආසියානු වයස අවුරුදු 20න් පහළ රග්බි තරගාවලිය අද (04දා) හොංකොංහි කිංග්ස් පාක්හිදී ආරම්භ වේ. ශ්රී ලංකාව ඇතුළු රටවල් 10ක් සහභාගි වන මෙම තරගාවලියේ 'ඒ' හා 'බී' ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වේ. තරගාවලිය හෙටින් (05දා) අවසන් වේ.
මෙහිදී 'ඒ' කාණ්ඩයෙන් ක්රීඩා කරන ශ්රී ලංකාව අද පිලිපීනය, චීනය හා මැලේසියාව සමගින් තරග වදින අතර, හෙට දිනයේදී ඔවුන් චීන තායිපේ සමග තරග වදිනු ඇත. පළමු වටයේදී කණ්ඩායම් දක්වන දක්ෂතා අනුව කුසලාන හා පලඟ අංශ සඳහා ජයග්රාහකයන් තෝරා ගනු ලබයි.
මෙම තරගාවලියේ පසුගිය වර අනුශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකාව සමත් විය. තරගාවලියට සහභාගි වන ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ගල්කිස්ස ශා. තෝමස් විදුහලේ නවීන් හේනකංකානම්ගේ පත්කර ඇත.
ශ්රී ලංකා යොවුන් කණ්ඩායම
නවීන් හේනකංකානම්ගේ (නායක), දිනුක් අමරසිංහ, ළහිරු හේරත්, ෆව්මි වජීඩ්, සුරංග තෙන්නකෝන්, සංදේශ් ජයවික්රම, චමෝද් ප්රනාන්දු, අදීෂ වීරතුංග, අවිශ්ක ලී, රනිඳු පද්මසංක, සුපුන් දිල්ෂාන් වීරසූරිය, ඒෂාන් දසනායක
ඡායාරූප - නවීන් හේනකංකානම්ගේ