(UPDATE)
සත්තාරක ශ්‍රී ලංකා කණ්ඩයම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පී. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය දෙවැනි දිනයට නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 214ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 124ක් පසුපසින් බංග්ලාදේශ කණ්ඩායම සිටියි. නායක මුෂ්ෆිකාර් රහීම් (2), ශකිබ් අල් හසන් (18) නොදැවී පිටියේ රැඳී සිටිති. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් බිඳ හෙළීය.
සත්කාරක ශ්‍රීලංකව සමග පැවත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ තේපානයට තරගය නතර කරන විටදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශය එක් කඩුල්ලක් දැවී ලකුණු 95 ක් ලබා සිටියි. බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන වූ තමීම් ඉක්බාල් හා සෞම්‍ය සර්කාර් පළමු කඩුල්ලට ලකුණු 95 ක සබඳතාවක් පැවැත්වූ අතර පළමු කඩුල්ල ලෙස තමීම් රංගන හේරත්ගේ පන්දුවක හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූයේ ලකුනු 49 ක් රැස් කරගෙන සිටියදීය. නොදැවී ක්‍රීඩා කරමින් සිටින සෞම්‍ය සර්කාර් ලකුණු 40 ක් ලබා සිටියි.
බංග්ලාදේශය සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී දෙවැනි දිනයේදී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියළු දෙනා දැවී ලකුණු 338 ක් රැස් කළහ. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස සුරංග ලක්මාල් ලකුණු 35 කට දැවී ගියේය. ඊට අමතරව 8 වැනි කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් ලකුණු 138 ක් ලබ සිටියදී දැවී ගියේය.
ශ්‍රී ලංකා පළමු ඉනිම 338/10 (පන්දුවාර 113.3)
දිමුත් කරුණාරත්න - 7 (32,4X1)
උපුල් තරංග - 11 (40,4X1)
කුසල් මෙන්ඩිස් - 5 (6, 4X1)
දිනේෂ් චන්දිමාල් - 138 (300,4X10,6X1)
අසේළ ගුණරත්න - 13 (39,4X1)
ධනංජය ද සිල්වා- 34 (54,4X5)
නිරෝෂන් දික්වැල්ල - 34 (37,4X4)
දිල්රුවන් පෙරේරා - 9 (20,6X1)
රංගන හේරත් - 25 (91,4X2)
සුරංග ලක්මාල් - 35 (45,4X2,6X1)
ලක්ෂාන් සඳකැන් 5 (19)
බංග්ලාදේශය සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී දෙවැනි දිනයේදී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම ලකුණු 300 සීමාවට රැගෙන ඒමට සමත්විය. පන්දුවාර 104 කදී කඩුළු 8 කටමෙම ලකුණු සංඛ්‍යාව වාර්තා විය. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 133 ක්ද සුරංග ලක්මාල් ලකුණු 7 ක්ද වාර්තා කරගෙන සිටියි.
බංග්ලාදේශය සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී දෙවැනි දිනයේදී දිනේෂ් චන්දිමාල් සිය ටෙස්ට් දිවියේ 8 වැනි ශතකය වාර්තා කිරීමට සමත් විය. පන්දු 244 කදී වාර්තා වූ ඔහුගෙ ශතකයට හතරේ පහර ක් ඇතුලත් විය මෙ වන විට ශ්‍රී ලංකාව කඩුළු 8 ක් දැවී ලකුණු 261 ක් ලබා සිටි.
බංග්ලාදේශය සමගින් දෙවැනි ටෙස්ට් තරගයේදී තේ පානයට තරගය නතර කරන විටදී ශ්‍රී ලංකාව කඩුළු 5 ක් දැවී ලකුණු 149 ක් ලබා සිටියහ. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 54 ක්ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 11 කද ලබා සිටියි. දිනේෂ් චන්දිමාල් සමගින් ලකුණු සබඳතාවක් ක්‍රියාත්මක කළ ධනංජය ද සිල්වා පානයට සුළු මොහොතකට පෙර දැවී ගියේය. ලකුණු 34 ක් ලබා සිටි ඔහු තයිජුල් ඉස්ලාම් ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී යන විට රැස් කරගෙන සිටි ලකුනු සංඛ්‍යාව 34 කි. මේ වන විට ශ්‍රී ලංකාව කඩුළු 5 ක් දැවී ලකුනු 145 ක් ලබා සිටියි.
දිමුත් කරුණාරත්න - 7
උපුල් තරංග - 11
කුසල් මෙන්ඩිස් - 5
අසේල ගුණරත්න - 13
ධනංජය ද සිල්වා- 34
දැවී ගිය ක්‍රීඩකයෝ වෙති.
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවා 31ක් අවසානයේදි කඩුලු 4ට ලකුණු 79ක් රැස්කරගෙන සිටියි. දිනේෂ් චන්දිමාල් (30), ධනංජයද සිල්වා (06) නොදැවී පිටියේ රැඳී සිටිති.
දිමුත් කරුණාරත්න - 7
උපුල් තරංග - 11
කුසල් මෙන්ඩිස් - 5
අසේල ගුණරත්න - 13 දැවී ගිය ක්‍රීඩකයෝ වෙති.
බංග්ලාදේශය සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ පළමු කඩු්ල්ල ලෙසින් දිමුත් කරුණාරත්න දැවී ගියේය. මුෂ්ටාෆිසූර් රෙහෙමාන්ගේ පන්දුවක් හමුවේ ස්ලිප් ක්‍රීඩක මෙහෙදි හසන් හට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යන විට ඔහු රැස් කර සිටියේ ලකුණු 7 ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 13 කි.
බංග්ලාදේශය සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කලේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ අද පළමු තරගයට ක්‍රීඩා කළ ළහිරු කුමාර වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවා ඇත. බංග්ලාදේශ කණ්ඩායමේ වෙනස්කම 4 ක් සිදුවී ඇති අතර පළමු තරගයට ක්‍රීඩා කළ මොමිනුල් හක්, මහ්මුදුල්ලා,ටස්කින් හමඩ් හා ලිටන් දාස් වෙනුවට සබීර් රෙහෙමාන්,මොසඩක් හුසේන්, තයිජුල් ඉස්ලාම් හා ඉම්රුල් කායේස් කණ්ඩායමට කැඳවා ඇත. ශ්‍රී ලංකා ඉනිම දිමුත් කරුණාරත්න හා උපුල් තරංග ආරම්භ කලේය.