යොහාන් භාසුර නවදිල්ලිහි ෆෙරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ සිට
හයවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙස දිල්ලිහි ෆෙරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී අද (28දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර කඩුලු 8 ක පහසු ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
මෙම තරගයෙන් කණ්ඩායම් දෙකෙන් එකදු කණ්ඩායමක් හෝ ජය ලැබූවද අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් නොමැති අතර, ඒ හේතුවෙන් දකුණු අප්‍රිකාව ලැබූ මෙම ජය ඔවුන්ට අවසන් පූර්ව තරගයට පැමිණීමේ අවස්ථාවක් නොවුණි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම පරාජයත් සමග තරග හතරෙන් තුනක්ම පරාජයට පත්විය. ඇෆ්ගනිස්තානයට එරෙහිව පමණක් ජය ලබා දැඩි අසාර්ථක ලේබලය සහිතවහෙට (29දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 121 ක ජයග්‍රාහී ඉලක්කය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 17.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය. හෂීම් අම්ලා පන්දු 52 කදී නොදැවී ලකුණු 56 ක් රැස්කරමින් ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිස්ගේ ආරාධනයෙන් පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.3 ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 120 ක් රැස්කළේය. තිලකරත්න ඩිල්ෂාන් (36), දිනේෂ් චන්දිමාල් (21), දසුන් ශානක (නොදැවී 20) සහ මිලින්ද සිරිවර්ධන (15) හැර සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු දහයේ සීමාවට හෝ පැමිණීමට අපොහොසත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමට අවම වශයෙන් අවසන් තරගයේදී හෝ පිතිකරු ලැයිස්තුව සකස්කර ගැනීමට නොහැකිවීම දැඩි අවාසනාවන්ත තත්ත්වයකි. දසුන් ශානක අංක 08 ස්ථානයේ පන්දුවට පහර දෙමින් පන්දු 18 කට මුහුණදී ලකුණු 20 ක් රැස් කළේය.
තිලකරත්න ඩිල්ෂාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 40 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 36 ක් රැස් කළේය. දැවැන්ත මෙහෙයුමකින් පසුව සංචිතයට රිංගවූ ළහිරු තිරිමාන්න නැවතත් අසාර්ථක වෙමින් පළමු පන්දුවෙන්ම දැවී ගියේය. වමතින් පා දඟ පන්දු යවන ආරොන් පැන්ගිසෝ යැවූ පන්දුව පිත්ත සහ පාදය අතරින් කඩුල්ලේ වැදුණු ආකාරය පිළිබඳවත් අඩුම තරමේ තිරිමාන්නට හිතා ගැනීමටවත් නොහැකි විය.
මෙම තරගය නැරඹීම 16,500 කට අධික පේ්රක්ෂක සංඛ්‍යාවක් පැමිණ සිටින බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) නිවේදනය කළේය. විශේෂයෙන් ඒ.බී. ඩිවිලියස්ගේ වේගවත් පිතිහරඹය නැරඹීමට ඉන්දීය පේ්රක්ෂකයෝ පැමිණ සිටියහ.
නායක ඇන්ජලෝ මැතිව්ස් එංගලන්තයට එරෙහි තරගයේදී ආබාධයකට ලක්වීම නිසා අද තරගයට ක්‍රීඩා නොකළ අතර නායකයා ලෙස උප නායක දිනේෂ් චන්දිමාල් කටයුතු කළේය. ඊට අමතරව ආබාධයක් හේතුවෙන් දුෂ්මන්ත චමීරද විවේක ගන්වා තිබූ අතර, ඔහු වෙනුවට සුරංග ලක්මාල් කැඳවීය. තරගයේ වීරයා ලෙස ආරොන් පැන්ගිසෝ සම්මාන දිනාගත්තේය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව