ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා ඩරම් කණ්ඩායම අතර ඊයේ පැවැති නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායක අශාන් ප්‍රියන්ජන් මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පන්දුවට පහරදුන් ඩරම් කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 196ක් පමණි.
කඩුලු ත්‍රිත්වයක්ද සමගින් කඩුලු පහක් බිඳහෙළු ළහිරු ගමගේ ඩරම් ඉනිම අවසන් කිරීමේ මූලිකයා විය.
ලකුණු 197ක් ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 41.3කදී කඩුලු දෙකක් පමණක් වැයකර එම ඉලක්කය පසුකර ගියේය.
ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි මහේල උඩවත්ත (50) හා ධනුෂ්ක ගුණතිලක (87) ලකුණු 100ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.