සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම හා පැවැති තරග තුනකින් සමන්විත නිල නොවන සිවුදින ක්රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීම ශ්රී ලංකා ඒ කණඩායම සමත්විය. ඒ දඹුල්ල ක්රීඩාංගණයේ පැවැති තෙවැනි හා අවසන් සිවුදින ක්රිකට් තරගයෙන් ශ්රී ලංකා ඒ කණ්ඩායම ජය ගැනීම හේතුවෙනි.
තරගාවලියේ පළමු තරගය ශ්රි ලංකා කණ්ඩායමත්, දෙවැනි තරගය කොදෙව් කණ්ඩායමත් ජයගත් හෙයින් තෙවැනි තරගය දෙපිළටම විවෘත තරගයක් බවට පත්විය.
ඒ අනුව තෙවැනි තරගය ශ්රි ලංකා කණ්ඩායම ජයගනිමින් තරගාවලිය ජයග්රහණය කළේය. ලකුණු 333ක ජයග්රාහි ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම ලකුණ ු194ට සිමා කිරිමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩසේ පන්දුවාර 21.2කදී ලකුණු 47ට කඩුලු 6ක් දවාගැනිමට සමත්වූයේය.
ඡායාරූප ශාන්ත රත්නායක