සත්කාරක එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 498ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණඩායමට සිය පළමු ඉනිමට සියලු දෙනාම දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 101ක් පමණි. ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සහා ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමට ලකුණු 397ක් රැස්කළ යුතු වෙයි.
ඊයේ දිනයේදී ලකුණු 91කට කඩුලු 8ක් ලෙස පැවැතියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු ද්විත්වය ලකුණු 10ක් තුළදී දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.
ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 35ක් රැස්කළ අතර ක්‍රිස් වෝක්ස් හා ජිමී ඇන්ඩර්සන් කඩුලු තුන බැගින්ද, ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු හතරක්ද දවාගත්හ.