සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩාඩායම රැස්කළ ලකුණු 431ට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ලකුණු 294ක් පමණි.
දිමුත් කරුණාරත්න (84), දිනේෂ් චන්දිමාල් (83) අර්ධ ශතක රැස්කරමින් ශ්රී ලංකා ඉනිම ශක්තිමත් කළහ. ටිම් සවුති හා මිචෙල් සැන්ටර් කඩුලු තරන බැගින් දවාගැනීමට සමත් වූහ.
දිනය නිමාවීන විට නවසිලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 171ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම ශ්රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 308ක් ඉදිරියෙන් සිටියි.