බංග්ලාදේශ ක්රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්රීඩක ශකීබ් අල් හසන්ට මාස 06 ක ක්රිකට් තහනමක් පනවා ඇත. බංග්ලාදේශ ක්රිකට් පාලක මණ්ඩලයේ නිසි අවසරයකින් තොරව කැරිබියන් ප්රිමියර් ලීග් තරගාවලියට සහභාගීවීමට තීරණය කිරීම මීට හේතුවයි.
මේ පිළිබඳව බංග්ලාදේශ ක්රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්රිකට් පාලක මණ්ඩලයට දැන්වීමෙන් පසු ඔවුන් ශකීබ්ට එරෙහිව විනය පරීක්ෂණයක් ක්රියාත්මක කළ අතර, එහිදීද සිය අවිධිමත් හැසිරීම සඳහා නිදහසට කාරණා ඉදිරිපත් කිරීමට ශකීබ් අසමත් වී ඇත.
බංග්ලාදේශ ක්රිකට් කමිටුවේ විශේෂ අධ්යක්ෂ රැස්වීමකින් පසු අද (07දා) මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව මාස 06 ක් යනතුරු සියලුම ආකාරයේ ක්රිකට් තරගවලට සහභාගීවීමට ශකීබ්ට අවස්ථාව අහිමි වෙයි.