ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ හයවැනි කඩුල්ල සඳහා වාර්තා වූ වැඩිම ලකුණු සබඳතාව වාර්තා කිරීමට නවසීලන්තයේ කේන් විලියම්සන් හා බී.ජේ. වොට්ලින් සමත්වූහ.
ඒ ශ්රී ලංකාවට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ ඔවුන් දෙදෙනා හයවැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 361ක සබඳතාව ගොඩනැගීමත් සමගිනි.
ඒ අනුව ඔවුන් දෙදෙනා විසින් බිඳ දමනු ලැබුවේ මැකලම් හා වොට්ලින් මීට ඉහතදී හයවැනි කඩුල්ල සඳහා වාර්තා කර තිබූ ලකුණු 352ක සබඳතාවයි.
නවසීලන්ත කණ්ඩායම මේ වන විටි පන්දුවාර 171ක් අවසානයේදී කඩුලු 5ට ලකුණු 520ක් රැස්කරගෙන සිටියි.
වොට්ලින් 140* විලියම්සන් 240*