(VIDEO) විස්සයි20 පිටියේ වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකයට හිමි වාර්තාව සමකිරීමට කොදෙව් කණ්ඩායමේ ක්රිස් ගේල් ඊයේ (18දා) සමත්විය. ඒ බිග්බෑෂ් ලීග තරගාවලියේ මෙල්බර්න් රෙනගේඩ්ස් කණ්ඩායම හා ඇඩිලේඩ් කණ්ඩායම අතර පැවැති තරගයේදීය.මෙල්බර්න් රෙනගේඩ්ස් කණ්ඩායමට ක්රීඩා කරන ක්රිස් ගෙල් ඊයේ තරගයේදී පන්දු 12කින් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය.
ඒ අනුව ඔහු සමකරනු ලැබුවේ ඉන්දීය කණ්ඩායමේ යුවරාජ් සිං 2007 වසරේ පැවැති පළමු විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව පන්දු 12කින් අර්ධ ශතකයක් රැස්කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි. එම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ පන්දු යවන ක්රීඩක ස්ටුවර්ට් බ්රෝඩ්ට එරෙහිව එක් පන්දුවාරයකදී හයේ පහර හයක් එල්ල කිරිමටත් යුවරාජ් සමත්විය.
ඇඩිලේඩ් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 171ක ජයග්රහාහී ඉලක්කය හඹා යාමේදී ගේල් මෙම ප්රහාරාරත්මක පිතිහරඹය දියත් කළත් කණ්ඩායමේ කිසිදු ක්රීඩකයෙකු පිත්තෙන් දක්ෂතා දැක්වීමට අපොහොසත්වීම හේතුවෙන් මෙල්බර්න් කණ්ඩායමට තරගය පරාජයවීමට සිදුවිය. ඔවුන්ට සියලු දෙනාම දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 143ක් පමණි.
VIDEO