ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර අද (17දා) ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් පිටියේ පැවැති තෙවැනි එක්දින තරගයේදී සිය එක්දින දිවියේ සුවිශේෂී කඩයිම් දෙකක් පසුකර යාමට ඉන්දිය සුපිරි පිතිකරු විරාත් කෝලි සමත්විය. එයින් වැදගත්ම සිදුවීම වූයේ ඔහු එක්දින පිටියේ ලකුණු 7000 සීමාව පසුකිරිමට සමත්වීමත් එය අඩුම ඉනිම සංඛ්‍යාවකින් පසුකළ ක්‍රීඩකයා බවට පත්වීමත්ය. ඒ සඳහා ඔහුට වැය වූයේ ඉනිම 161ක් පමණි. ඔහු බිඳ දමනු ලැබුවේ දකුණු අප්‍රිකානු නායක ඒ.බී. ඩිවිලියරස් විසින් ඉනිම් 166කින් පිහිටුවා තිබූ වාර්තාවයි.
තරගයේදී සිය 24වැනි එක්දින ශතකය වාර්තා කිරීමට විරාත් කොලි සමත්වූ අතර එය ඔහුගේ 161ක් වැනි එක්දින ඉනිම විය. ඒ අනුව එක්දින ශතක 24ක් අඩුම ඉනිම සංඛ්‍යාවකින් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ඉතිහාසයටට එක්වීමට කෝලි සමත්වූ අතර එහි පළමු වාර්තාවට හිමිකම් කීවේ ඉන්දීය හිටපු සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ය. ඔහුට එක්දින ශතක 24ක් වාර්තා කිරිමට ඉනිම 219 ගතව තිබෙන අතර ඔහුට වඩා ඉනිම 58කින් කොලි ඉදිරියෙන් සටියි.