ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට අවශ්‍ය නම් වේග පන්දු යවන්නනට ගැළපෙන විකට්ටු අවශ්‍ය බවත් පළමු පෙළ තරග සංඛ්‍යාව වැඩි විය යුතු බවත් ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් පවසයි.
පල්ලෙකැලේදී ඊයේ (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පැවැසීය.
.“ ඔවුන්ට ගොඩක් ක්‍රීඩා කිරීමට අවස්ථාව දෙන්න ඕන. අපේ පළමු පෙළ තරග දෙස බැලුවොත් ඔවුන්ට විශාල ලෙස තරග ප්‍රමාණයක් ඇත්තේ නෑ. ඇතැම් රටවල් බලන්න. ඔවුන් හොඳන් පන්දු යවන්න ආරම්භ කරන්නේ ටෙස්ට් තරග 20 – 25ට පසුයි. අපිට ඉක්මනින්ම විශ්වගෙන් හා ළහිරු කුමාරගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔවුන්ගේ මනස තුළ තිබෙනවා ඔවුන්ට වර්ධනය විය හැකි බව. ඔවුන් ගොඩක් පුහුණු වී ගොඩක් තරග සඳහා එක් විය යුතුයි. තරග හරහා ලබන අත්දැකීමෙන් ඔවුන් දියුණු වේවි”
“ අපිට අපේ පළමු පෙළ තරග ගැන තෘප්තිමත් වෙන්න බෑ. අපි අපේ පළමු පෙළ තරග රටාව වේග පන්දු යවන්නන්ට ගැළපෙන ලෙසත් සකස් කළ යුතුයි. අපි පළමු පෙළ තරග කොහොමද වෙන්න ඕන කියලා ගොඩක් කතා කරනවා. නමුත් ගැටලුව තවත් අවසන්ව නෑ. අපේ ක්‍රිකට් වර්ධනය කිරීමට මෙන්ම වේග පන්දු යවන්නන්ගේ සංඛ්‍යාව වර්ධනය කිරීමට අවශ්‍ය නම් අපි වේග පන්දු යවන්නට ගැළපෙන විකට්ටු නිර්මාණය කළ යුතුයි. අපි එය කළොත් ලෝකයේ වෙනත් රටකට නොදෙවැනි ලෙස අපේ වේග පන්දු යවන්නෝ දක්ෂතා දක්වාවි.”
“අපිට හොඳ පන්දු යවන්නන් ඉන්නවා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ වෙනුවෙන් තරමක කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඔවුන්ට කාලයක් දෙන්න ඕන. ඔබ ඉන්දියානු වේග පන්දු යවන්නන් ගැන බැලුවොත් ඔවුන් තරග 60ක් පමණ ක්‍රීඩා කර තිබෙනවා. අපි ඉවසා සිටිය යුතුයි. ඒ හරහා අපිට ප්‍රතිඵලයක් බලාගන්න පුළුවන් වේවි”
එසේම පළමු ටෙස්ට් තරගයේ සිටම කෝලි දවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට වෙනස්ම සැලැස්මක් තිබුණ බව වසා මෙහිදී හෙළි කළේය.
“ අපිට සැලැස්මක් තිබුණා කෝලි පන්දුවට පහරදීමට පැමිණි විට වේග පන්දු යවන්නන් ගෙන එන්න. එය පළමු ටෙස්ට් තරගයේදී පටන් සිදු වුණා. අපි විශ්වගෙන් ක්‍රීඩා කරන්න පටන් ගත්තේ සැලැස්මක් ඇතිව. ඔහු එම සැලැස්ම හොඳින් ක්‍රියාත්මක කළා.”