31 වැනි වෙළෙඳ සේවා මලල ක්‍රීඩා උලෙළ හෙට (11දා) හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.තරගාවලිය 11, 12 යන දෙදින පුරා පැවැත්වෙන අතර,මෙවර තරගාවලිය සඳහා පෞද්ගලික සමාගම් 42 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1800කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වන බව ශ්‍රී ලංකා වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සම්මේලනය ඊයේ (09දා) පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කළේය.
මෙවර තරගාවලිය සඳහා ඉන්දියානු ක්‍රීඩකයන්ද සහභාගිවීම විශේෂත්වයකි. එමෙන්ම මෙහිදී තරග ජයග්‍රාහකයන්ට අභියෝගතා කුසලාන 31 ක්ද ලබාදීමට නියමිතය.
මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සම්මේලනය නියෝජනය කරමින් එහි සභාපති සිඩ්නි රත්නායක හා ලේකම් ට්රනාඩෝ ජයසුන්දර ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ