විසි වසරකට පසු කැන්ගරුවෝ පාකිස්තානය හමුවේ පසුබසිති
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර අබුඩාබිහිදී අද (03දා) අවසන් වූ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 356 ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත්විය.
පසුගිය 30 වැනිදා ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 570/6 ක් රැස්කර ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලබදුන්නේය. එයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 261 ක් පමණි.
නැවතත් තම දෙවැනි ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායම ලකුණු 293/3 ක් රැස්කර ඉනිම අත්හිටුවීය. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 603 ක ඉලක්කයක් හිමිවිය. නමුත් ඔවුන්ට දෙවැනි ඉනිමේදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 246 ක් පමණි.
එම පරාජයත් සමග තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජයගැනීමට පාකිස්තාන කණ්ඩායමට හැකිවිය. මෙම ජයග්‍රහණය ඔවුන් ඔස්ට්‍රේලියාවට එරෙහිව වසර 20කට පසුව ලැබූ ප්‍රථම තරගාවලි ජයග්‍රහණය වේ. අවසන් වරට පාකිස්තාන කණ්ඩායමක් විසින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් පරාජය කර ඇත්තේ 1994 වසරේදීය. එමෙන්ම මෙම ජයග්‍රහණයත් සමග පාකිස්තානු කණ්ඩායමට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක 03 ට පැමිණීමට හැකිවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
