සංචාරක ශ්රී ලංකා කණ්ඩායම පරාජය කරමින් මුම්බායිහි වන්කඩේ ක්රීඩාංගණයේ පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන්ද කඩුලු පහක ජයක් වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියද ඉන්දියාව ජයගත්තේය. ඒ තරග 3-0ක් ලෙසිනි.
ඉන්දීය කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම කඩලු 7ට ලකුණු 135ක් රැස්කළේය. (සදිර සමරවික්රම 21, අසේල ගුණරත්න 36, දසුන් ශානක 29*)
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19.2කදී කඩුලු පහක් දැවී ලකුණු 39ක් රැස්කරමින් තරගය ජයග්රහණය කළේය.