ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර මුම්බායිහිදී ඉරිදා පැවැති විස්සයි20 තරගයට අදාළව ඔට්ටු තැබූ සිවුදෙනෙකු ඊයේ (25දා) ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි 'ද හින්දු' පුවත් සේවය අද (26දා) වාර්තා කළේය.
පොලීසියට ලැබුණ තොරතුරක් මත නිවාස සංකීර්ණයක් තුළ ඔට්ටු තබමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සන්තයෙක් තිබී ජංගම දුරකථන 15ක්, ලැප්ටොප් පරිගණක 02ක් හා ඉන්දීය රුපියල් ලක්ෂයක මුදලක් සොයාගෙන ඇත.
ඔවුන්ගේ දුරකථන දත්ත පරීක්ෂා කිරීමටත්, ඔට්ටු තැබීමට ඉදිරිපත් වූවන් පිළිබඳ තොරතුරු ලබා ගැනිමටත් පොලීසිය අපේක්ෂා කරයි.