තුම් පිම්ම ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට විදූෂා ලක්ෂානි අද (28දා) සමත්විය. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික යෞවන ක්‍රීඩා උලෙළේදී ඇය මීටර 13.43 ක දුරක් තරණය කරමින් මෙම වාර්තාව පිහිටු වූ අතර, ඇය විසින් බිඳහෙළනු ලැබුවේ 2009 වසරේදී එන්.සී.ඩී. ප්‍රියදර්ශනී (මී. 13.15) විසින් පිහිටුවා තිබූ වාර්තාවයි. 26 වසරක ජාතික යොවුන් ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ වාර්තා වූ පළමු ශ්‍රී ලංකා වාර්තාවද මෙය වේ.
ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය, තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සහ ප්‍රතිපත්ති සම්පාදන,ආර්ථික කටයුතු ළමා, තරුණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ'26 වැනි ජාතික යෞවන ක්‍රීඩා උලෙළ' අද (28දා) අවසන් වේ.