කුසල් පෙරේරාට වසර හතරක තහනමක් පනවා ඇතැයිද ඔහුට ඉදිරියට සත්‍ය පිළිබඳ පරීක්ෂණයකට පෙනී සිටීමට සිදුවෙනු ඇතැයිද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළෙය.
ඒ අනුව ඔහුට පනවා ඇති තහනම ඉවත්කර ගැනීම සඳහා හෝ ඔහුගේ කාල සීමාව අඩු කර ගැනීම සඳහා කටයුතු කරන බව දයාසිරි ජයසේකර මහතා 'අද' ට පැවැසීය.
කුසල් පිළිබඳව කරනු ලැබූ හිසකෙස් පරීක්ෂාවෙන් මෙන්ම ඉදිරියට කරනු ලබන සත්‍ය පරීක්ෂණයෙන් පසුව කුසල්ට වසර හතරක තහනමක් පනවනවාද තැත්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ලැබෙනු ඇති බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් සිය අදහස වැරදි ආකාරයකට ප්‍රචාරය වී ඇති බවද ඔහු පැවැසීය.