ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශාල මුදලක් වෙන්කරමින් වාහන මිලදී ගැනීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන් තමන්ට කරුණු දන්වා නොමැති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ.
පසුගිය දින කිහිපය තුළදී වාර්තා කළේ ක්‍රිකට් ආයතනය මූල්‍ය ගැටලුවක තිබියදී නවතම වාහන කිහිපයක් මිලදී ගැනීම සඳහා විශාල මුදලක් වෙන්කිරිමේ සූදානමහක් පවතින බවයි.
ඒ සඳහා තමාගෙන් අනුමැතිය මෙතෙක් ලබාගෙන නැති බවත් ඔහු සඳහන් කළේය.
එසේම එංගලන්තයේ පැවැත්වීමට නියමිත වකුගඩු ආධාර සඳහා මුදල් එකතු කිරීමේ වැඩසටහනකට තමාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමැතිය ලබාදුන් බව බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කිසිඳු ප්රතිපාදනයක් ලබානොදුන් බවද ඔහු පැවැසීය. ජුනි 4දා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී මෙම ආධාර එකතු කිරීමේ වැඩසටහන පැවැත්වීමට නියමිත අතර එ සඳහා යන වියදම රුපියල් කෝටියකට ආසන්න බවද වාර්තාවෙයි.
මෙයින් ලැබෙන ආදායම් වකුගඩු අරමුදල සඳහා බැර කිරීමට නියමිතය.