ඉන්දියාව හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දිල්ලිහි පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වායු දූෂණය හේතුවෙන් විනාඩි කිහිපයකට නැවැත්වීය. එහි වායු දූෂණය ඉහළ මට්ටමක පවතින බව දර්ශක වලින් පෙන්වා දි ඇතැයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මුඛ ආවරණ සහිතව ක්‍රීඩා පිටියේ පන්දු රැකීමේ නිරත වී සිටියේය.
තරග තීරක ඩේවිඩ් බූන් වෛද්‍යවරුන්ගෙන් අදහස් ලබාගනිමින් සිටියි.