www.ada.lk
2026 අගෝස්තු මස 28 වන සිකුරාදා
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (07දා) අවසන් වූ තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 07 ක පහසු ජයක් ලැබීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 2 - 1 ක් ලෙස තරගාවලියේ ජය පාකිස්තානයට හිමිවූ අතර, අවසන් වරට 2005 වසරේදී ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී තරගාවලි ජයක් ලබා තිබුණි.
පසුගිය සිකුරාදා (03දා) ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 278 ක් රැස්කිරීමට සමත්වූ අතර, ඊට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 215 ක් පමණි. කෙසේ නමුත් දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 313 ක් පමණි. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට ලකුණු 377 ක් ඉලක්කයක් හිමිවූ අතර, එම ඉලක්කය කඩුලු 03 ක් පමණක් දැවී පසුකර යාමට පාකිස්තාන පිතිකරුවෝ සමත්වූහ.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
තෙල් මිල පහළට
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd