ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව භාරව කටයුතු කළ ජයනන්ද වර්ණවීර මහතාට වසර තුනකට ක්‍රිකට් තහනම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (20දා) කටයුතු කරනු ලැබීය.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වංචා විමර්ශන ඒකකයේ ආචාරධර්ම කඩකිරීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව මෙම තහනම පනවා තිබේ.
වංචා විමර්ශන ඒකකයේ පරීක්ෂණ සඳහා සහභාගී නොවීමට කටයුතු කිරීම හේතුවෙන් වර්ණවීර මහතාට මෙම තහනම පනවා තිබේ.
විමර්ශන සඳහා අවස්ථා දෙකකදී ඔහු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් කරනු ලැබූ පරීක්ෂණ සඳහා සහභාගී නොවූ බවත් පරීක්ෂණට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර නැතැයිද අයි.සී.සීය නිකුත් කළ නිවේදනයක වෙයි.
ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව නීති විරෝධී අයුරින් වෙනස් කර ඇති බවට ජයනන්ද වර්ණවීර මහතා එරෙහිව එල්ල වී තිබුණ චෝදනාවයි.
මීට ඉහතදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද ජයනන්ද වර්ණවීර මහතාට අදාළ පරීක්ෂණ සඳහා සහාය නොදැක්වීම හේතුවෙන් වසර දෙකක තහනමක් පැනවීමට පසුගිය නොවැම්බර් මස 16දා කටුයුතු කරනු ලැබීය.