ලෝකයේ උසම ස්ථානයක පැවැත්වූ ක්‍රිකට් තරගය පවත්වා ලෝක වාර්තාවක් බිහිකිරීමට ක්‍රිකට් තරු කිහිපයක් සමත්ව සිටිති. ටැන්සානියාවේ මුහුදු මට්ටමේ සිට මීටර් 5895 ක උසකින් යුතු ක්ලිමන්ජාරෝ කඳුවැටියේ මෙම ක්‍රිකට් තරගය ක්‍රීඩා කරනු ලැබීය.
එංගලන්තයේ ඇෂ්ලි ජයිල්ස්, දකුණු අප්‍රිකා මකයා නිටිනි, එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකා හේදර් නයිට් මෙම තරගයට එක්ව සිටි ක්‍රිකට් තරු වෙති. කඳු මුදුනට ළඟා වීමට ඔවුනට දින 8ක් ගතවිය.
අයහපත් කාලගුණය හේතුවෙන් පන්දුවාර 10කට සීමා වූ තරගයෙන් එංගලන්ත ක්‍රිකට් උපනායිකා හේදර් නයිට් මෙහෙයූ 'ගෝරිල්ලා' කණ්ඩායම ජයගනු ලැබීය.
'ගෝරිල්ලා' කණ්ඩායම සිය පන්දුවාර 10ට කඩුලු 5කට ලකුණු 82ක් රැස්කළ නමුත් එංගලන්ත හිටපු ක්‍රීඩක ඇෂ්ලි ජයිල්ස් මෙහෙයවූ 'රයිනෝ' කණ්ඩායමට රැස්කළ හැකිවූයේ කඩුලු 9ට ලකුණු 64ක් පමණි.
තරගය සඳහා ඔස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්තය හා දකුණු අප්‍රිකාව යන රටවල්හි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්ව සිටියහ.
මීට ඉහතදී ලෝකයේ උසම ක්‍රිකට් තරගයට හිමි ලෝක වාර්තාව පිහිටුවා තිබුණේ 2009 වසරේදී හිමාලය කඳුවැටියේදී මීටර් 5165ක උසක පැවැත්වූ තරගයකි. නමුත් ක්ලිමන්ජාරෝ තරගය පැවැත්වුයේ මීටර 5730ක උසකිති. එය පළමු ලෝක වාර්තාවට වඩා මීටර් 565ක උසකි. තරගයට අවශ්‍ය තණතීරුව ප්ලාස්ටික්වලින් සකස් කර තිබුණි.
.gif)