ලෝක ශූරයෝ හෙට දිවයිනට පැමිණෙති
- 7 04 2014
- 08:03
- {{hitsCtrl.values.hits}} views
- . .
පන්දුවාර විස්සයි20 ලෝක කුසලානය ජයග්රහණය කළ ශ්රී ලංකා කණ්ඩායම හෙට (08දා) දිවයිනට පැමිණෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
සවස 4.00ට ඔවුන් කටුනායකට ළගා වීමට නියමිත අතර ඉන් අනතුරව රථ පෙරහරකින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය වෙත කැඳවාගෙන ඒමට නියමිතය. පරණ මීගමු පරෙන් මෙම රථ පෙරහර ගමන් කරනු ලබන අතර සීඳුව, කඳාන, මහබාගේ, හැඳල, වත්තල, පෑලියගොඩ, ඔරුගොඩවත්ත, බොරැල්ල, මෙට්ලන්ඩ් පෙදෙස හා නිදහස් චතුරස්රය එහි ගමන් මාර්ගය වෙයි.මෙම ප්රදේශවල සිටින ශ්රී ලංකා ක්රිකට් ප්රේක්ෂකයන්ට මග දෙපස රැඳී සිටිමින් ශ්රී ලංකා කණ්ඩායමට සුබ පතන ලෙසද ක්රිකට් ආයතනය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
