විස්සයි20 ලෝක කුසලානයේ වත්මන් ලොක ශූරයන්වන ශ්රී ලංකා කණ්ඩායමට මෙවර තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවිය.
ඒ පළමු වටයේ ශ්රී ලංකා කණ්ඩායම හා එංගලන්තය අතර පැවැති තරගාවලියේ තිරණාත්මක තරගයකින් ශ්රී ලංකාව ලකුණු 10කින් පරාජය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්වූ හෙයිනි.
ඒ අනුව තරගාවලියේ පළමු කාණ්ඩයෙන් ක්රීඩා කළ කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීය.
මුලින්ම පන්දුවට පහරදුන් එංගන්ත කණ්ඩායම රැස්කළ ලකුණු 171ට පිළිතුර ලෙස ශ්රී ලංකා කණ්ඩායමට රැස් කළ හැකිවූයේ ලකුණු 161ක් පමණි.