ජූලි මායේදී පැවැති පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් පසුව ජර්මනිය හා ආර්ජන්ටිනාව ප්රථම වරට අන්තර්ජාතික පාපන්දු තරගයකදී හෙට (03දා) හමුවීමට නියමිතය. ඒ ජර්මනියේ ඩපෙල්ෆෝර්ස්හිදී පැවැත්වෙන සුහද පාපන්දු තරගයකදීය.
කෙසේ වෙතත් කණ්ඩායම් දෙකෙහිම ප්රබල ක්රීඩකයන් රැසක් මෙම තරගයට ක්රීඩා කරන අතර, ඒ අතරට ජර්මනිය නියෝජනය කරන ටෝනි ක්රූස්, මාටි හුමෙල්ස් හා තෝමස් මුලර් ඇතුළත් වෙති. නමුත් ආර්ජන්ටිනාවේ ප්රධාන තුරුම්පුව වූ ලයනල් මෙසී කළවයේ ආබාධයක් හේතුවෙන් මෙම තරගය ක්රීඩා නොකරන බවද වාර්තා වේ. එසේම ජර්මනි කණ්ඩායමේ මෙසුට් ඔසිල්ද ආබධයක් හේතුවෙන් තරගයට එක්නොවේ.