ලෝක කුසලානය බලන්න SSC පිටියට යන්න
- 18 01 2016
- 10:20
- {{hitsCtrl.values.hits}} views
- . .
මාර්තු මාසයේදී ඉන්දියාවේදී ආරම්භ වන විස්සයි20 ලෝක කුසලානයේ ජයග්‍රාහකයන් වෙනුවෙන් පිරිනමන විස්සයි20 ලෝක කුසලානය පෙරේදා (16දා) ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. තරගාවලියට සමගාමීව රටවල් 12ක මෙම ලෝක කුසලානය ප්‍රදර්ශනය කෙරෙන අතර, ඒ අනුව එය පෙරේදා ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.
ඊයේ (17දා) එම කුසලානය ගෝල්ෆේස් පිටියේදී මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරුණු අතර, අද (18දා) එය එස්.එස්.සී. පිටියේදී ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනයට තබා තිබේ. හෙට දිනයේදී ලෝක කුසලානය නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව බලා පිටත් කිරීමට නියමිතය. වත්මන් විස්සයි20 ලෝක ශූරයන් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
