ශහිඩ් අෆ්රිඩි වසර 17 රැකගෙන සිටි වේගවත්ම එක්දින ශතකයට හිමි වාර්තාව බිඳදමීමට කුරේ ඇන්ඩර්සන් අද (01) සමත්විය. නවසීලන්ත කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර පැවැති තරගයේදී නවසීලන්ත පිතිකරුවන් දෙදෙනෙකු ශතක රැස්කිරීමට සමත්විය. කුරේ ඇන්ඩර්සන් හයේ පහර 14 සමගින් පන්දු 47ක් තුළ නොදැවී ලකුණු 131ක් රැස්කිරීමට සමත්වූ අතර, ඔහු ශතකය පසුකර යනු ලැබුවේ පන්දු 36කදීය.
ඒ හේතුවෙන් පන්දු 37ක් තුළ වේගවත්ම ශතකය රැස්කර වසර 17ක් නොසෙල්වී තිබූ පාකිස්තානයේ ශහිඩ් අෆ්රිඩිගේ වේගවත්ම ශතකයට හිමි වාර්තාව බිඳදැමීමීය.අෆ්රිඩි ශ්‍රී ලංකාවට එරෙහිව 1996 වසරේදී මෙම වාර්තාව පිහිටුවා තිබුණි. එමෙන්ම ඇන්ඩර්සන් මෙම තරගයේදී හයේ පහර 14 එල්ල කිරීමට සමත්වූ අතර, එය ලෝක වාර්තාවකට දෙවැනි වුයේ රොහිත් ශර්මා පසුගිය වසරේදී (2013) ඔස්ට්‍රේලියාවට එරෙහිව එල්ල කළ තිබූ හයේ පහර 16 ට පමණි. නමුත් මෙම තරගයේදී නවසීලන්ත පිතිකරුවෝ හයේ පහර 22 එල්ල කළ අතර, එය ලෝක වාර්තාවක් වූ අතර, ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාවට මීට පෙර හයේ පහර 19 එල්ල කර තිබුණි. එය ශර්මා වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කර තිබූ තරගයම වීම කැපී පෙනුණි. ආරම්භක පිතිකරු ජෙසි රයිඩර් පන්දු 51 තුළ ලකුණු 104 රුස්කිරීමට සමත්වූ අතර, එය හයවැනි වේගවත්ම එක්දින ශතකය ලෙස වාර්තා අතරට එක්විය.
මෙම තරගයෙන් නවසීලන්ත කණ්ඩායමට ලකුණු 159 දැවැන්ත ජයක් හිමි විය. එම ජයග්‍රහණයත් සමගින් නවසීලන්ත කණ්ඩායමට තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1 ලෙස සමකිරීමට සමත්විය.අයහපත් කාලගුණය හේතුවෙන් තරගය පන්දුවාර 21 කට සීමා කිරීමට තරග තීරකවරයා තීරණය කළේය.
නවසීලන්තය 283/4 (පන්දුවාර 21)
කුරේ ඇන්ඩර්සන් නොදැවී 131 (පන්දු 47, 4x6, 6x14)
ජෙසී රයිඩර් 104 (පන්දු 51, 4x12, 6x5)
ජේසන් හෝල්ඩර් 48/2 (පන්දුවාර 4)
නිකිට මිලර් 44/4 (පන්දුවාර 4)
කොදෙව් 124/5 (පන්දුවාර 21)
ඩ්වෙන් බ්රාවෝ නොදැවි 56 (පන්දු 54, 4x3, 6x3)
නාර්සිං ඩියොනාරින් 29 (පන්දු 39, 4x4)
මිචෙල් මැක්ලිගන් 7/2 (පන්දුවාර 2)
ජෙසි රයිඩර් 13/1 (පන්දුවාර 4)
අඩුම පන්දු සංඛ්‍යාවකින් ශතකය පසුකර ඇති මුල් පිතිකරුවන් දස දෙනා
කුරේ ඇන්ඩර්සන් (නොදැවී 131) 2014 වසරේදී බටහිර කොදෙව්වන්ට එරෙහිව- පන්දු 36
ශහීඩ් අෆ්රිඩි (102) 1996 වසරේදී ශ්‍රී ලංකාව එරෙහිව - පන්දු 37
මාක් බවුචර් (නොදැවී 147) 2006 වසරේදී සිම්බාබ්වේට එරෙහිව - පන්දු 44
බ්‍රයන් ලාරා (117) 1999 වසරේදී බංග්ලාදේශයට එරෙහිව - පන්දු 45
ශාහිඩ් අෆ්රිඩි (102) 2005 වසරේදී ඉන්දියාවට එරෙහිව - පන්දු 45
ජෙසී රයිඩර් (104) 2014 වසරේදී කොදෙව්වන්ට එරෙහිව - පන්දු 46
සනත් ජයසූරිය (134) 1996 වසරේදී පාකිස්තානයට එරෙහිව - පන්දු 48
කෙවින් ඔ' බ්‍රයන් (113) 2011 වසරේදී එංගලන්තයට එරෙහිව- පන්දු 50
විරාට් කෝලි (නොදැවී 100) 2013 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව - පන්දු 52
ශාහිඩ් අෆ්රිඩි (124) 2010 වසරේදී බංග්ලාදේශයට එරෙහිව - පන්දු 53
(පන්දු සංඛ්‍යාවෙන් දැක්වෙන්නේ ශතකය පසුකළ පන්දු සංඛ්‍යාව බව සැලකිය යුතුයි)