නවසීලන්ත කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක ලුක් රොන්චි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තිරණය කොට ඇත.
මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් අනතුරුව පසුගියදා (21) ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත් කොට ඇත.
මේ අනුව ඔහු සියළුම ආකාර අන්තර්ජාතික ක්‍රිකට් තරග වලට සමුදෙනු ඇත.
අන්තර්ජාතික ටෙස්ට් තරග 4 ක්, එක්දින තරග 85 කට හා පන්දුවාර 20 කට එක්වී ඇති රොන්චි මුලින්ම අන්තර්ජාතික තරග වලට එක්වී ඇත්තේ ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කරමිනි.
ඒ අනුව 36 හැවිරිදි රොන්චි ඔස්ට්‍රේලියාව හා නවසීලන්ත ජාතික කණ්ඩායම් ද්විත්වයම නියෝජනය කළ පළමු ක්‍රීඩකයා වීමේ භාග්‍යය උදා කර ගත්තේය.;