ලාභයි කියූ ශ්‍රී ලංකා ක්‍රිකට් උග්‍ර මුදල් හිඟයක
පසුගිය වර්ෂයට අදාළව අධික ලාභයක් පෙන්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිට උග්‍ර මුදල් හිඟයකට මුහුණ පා ඇතැයි 'අද'ට වාර්තා වේ.
මෙම මුදල් හිඟය හේතුවෙන් මේ වනවිට අඛණ්ඩව සති 04ක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සේවා හා පහසුකම් සපයන්නන්ගේ බිල්පත් ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි අනාවරණය වේ.
මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පහසුකම් සපයන්නන් දැඩි අසීරුතාවට පත්ව ඇති අතර, ඔවුන්ට ලැබිය යුතු මුදල් සේවාවන් ලබාදී මසක් ඉක්මගොස් තිබියදී පවා නොලැබීම හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණ දී ඇතැයි හෙළිවේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ පවතින මෙම මූල්‍ය හිඟය පියවා ගැනීමට රාජ්‍ය බැංකුවකින් ණයක් ඉල්ලා තිබුණද, එම ණය මුදලද මෙතෙක් ලැබී නැතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ වනවිට මෙම මස 15 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මෙරටට ලැබීමට නියමිත මුදල් කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට්හි අවධානය යොමුව ඇති අතර, එම මුදල් ලැබෙන තෙක් සේවා හා පහසුකම් සපයන්නන්ගේ මුදල් නොගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීන්දුවක් ගෙන ඇතැයිද අනාවරණය වේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිලධාරියෙකු පවසා සිටියේ, සේවා හා පහසුකම් සපයන්නන්ගේ මුදල් නොගෙවීමට තීන්දුවක් ගෙන නොමැති බවත්, ඔවුන්ගේ මුදල් ක්‍රමානුකූලව ඉදිරියේදී පියවීමට පියවර ගන්නා බවත්ය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සේවා හා පහසුකම් සපයන්නන් මේ හේතුවෙන් තාවකාලිව සිය සේවා හා පහසුකම් ලබාදීම අත්හිටුවීමේ අවදානමක් මතුව ඇති අතර, ඔවුන් පෙන්වා දෙන්නේ නිසි පරිදි සිය මුදල් නොගෙවන්නේ නම් ඉදිරියේදී සේවා හා පහසුකම් සැපයීමෙන් ඉවත් වන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

