ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය යතේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර ඊයේ (02දා) පැවැති තරගයෙන් කඩුලු හයක ජයක් වාර්තා කිරීමට දිල්ලි කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 185ක් රැස්කළේ කඩුලු තුනක් වැයකරමිනි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ යුවරාජ් සිං පන්දු 41කදී ලකුණු 70ක් රැස්කළේය.
ලකුණු 186ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි දිල්ලි කණ්ඩායම පන්දුවාර 19.1කදී කඩුලු හතරක් පමණක් වැය කර ඉලක්කය පසුකර ගියේය. දිල්ලි කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් සියල්ලම සාර්ථක විය.
මෙම තරගයේදී දිල්ලි කණ්ඩායම ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස්ට ස්ථානය හිමිවුවත් ඔහු පන්දු යැවීමට හෝ පන්දුවට පහරදීමට නායක කරුන් නයිර් කටයුතු නොකළේය. තරගාවලියේ 40 වැනි තරගය මෙය විය.