ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ධෛර්යයක් ලබාදීම සඳහා ලොව වටා සැරිසරණ දිරිගන්වන්නෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන ගයාන් සේනානායක පසුගියදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදයේ සාමාජිකයින් විසින් ලන්ඩනයේ හිත්රෝ ගුවන්තොටුපලේදී පිළිගනු ලැබීය. ඔහු දින 45ක් එංගලන්තයේ ගත කරන අතර එම කාලය තුළ ගයාන්ගේ පහසුකම්, නවාතැන් ආහාරපාන ඇතුළු සියලු කටයුතු සොයා බලන්නේ එම සංගමය ඇතුළු අනෙකුත් හිතමිතුරු පිරිස විසින්ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරි ගන්වන්නට ගයාන් සැම තරඟයක්ම නැරඹීමට යන අතර එහිදී ඔහු ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලින්ද එක් කරගෙන කණ්ඩායමට අවශය ධෛර්යය, ශක්තිය ලබා දීමට කටයුතු කරයි.
ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට