අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික කණ්ඩායමක් පරාජය කර සිය පළමු ජයග්රහණය වාර්තා කිරිමට ස්කොට්ලන්ත කණ්ඩායම ඊයේ (21දා) සමත්විය. ඒ ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත්කරමිනි.
බෙකම්හි කෙන්ට් ක්රීඩාංගණයෙ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණඩායම නියමිත න්දුවාර 50 තුළදී සියලු දෙනා දැවී ලකුණු 287ක් රැස්කිරිමට සමත්විය. ආරම්භක පිතිකරු කුසල් පෙරේරා (57), දිනේෂ් චන්දිමාල් (79), චාමර කපුගෙදර (71) අර්ධ ශතක රැස්කිරීමට සමත්විය.
ලකුණු 288 ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 42.5කදී කඩුලු 3ක් පමණක් වැයකර එම ඉලක්කය පසුකර ගියේය. ආරම්භක පිතිකරුවන් වූ මැතිව් ක්රොස් (106), කයිල් කොට්සර් (118) ශතක රැස්කමින් පළමු කඩුල්ලට ලකුණු 201ක සාර්ථක සබඳතාවක් පැවැත්විය. ඒ අනුව ස්කොට්ලන්තයට ජයග්රහණය සඳහා අවශය පදනම සැකසිනි.
මෙම තරගය ශූරයනගේ කුසලාන එක්දින තරගාවලියට එක්ව සිටින ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සංවිධායනය කළ පුහුණු තරගයක් ලෙස පැවැත්විණ.