ලංකා දෙවැනි ඉනිම 181 - ඉනිමක හා ලකුණු 171ක පරාජයක්
ඉන්දීය ටෙසට් කණ්ඩායමක් සිය ඉතිහාසයේ ප්රථම වරට තරග දෙකකට වඩා සමන්විත ටෙස්ට් තරගාවලියක සියලු තරග විදේශයකදී (ශ්රී ලංකා ටෙස්ට් තරගාවලිය 3-0ක්) ජයගනිමින් ශ්රී ලංකාවට එරෙහිව පල්ලෙකැලේ පිටියේ පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 171ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද (14දා) සමත්විය.
ඉනිමක පරාජයේන් බේරීම සඳහා ලකුණු 352ක් රැස්කිරීමට පිටියට පිවිසි ශ්රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 181ට සීමා කිරීමට ඉන්දිය කණ්ඩායම සමත්විය.
තරගයේ පළමු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 487ක් රැස්කළ අතර ශ්රී ලංකාව පළමු ඉනිමට රැස්කළේ ලකුණු 135ක් පමණි. නැවතත් දෙවැනි ඉනිම ක්රිඩා කළ ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 181ට සීමාවිය.
ඒ අනු ඉන්දීය කණ්ඩායම තෙවැනි තරගයෙන් ඉනිමක හා ලකුණු 171ක ජයක් ලබාගනිමින් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගත්තේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

